නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මහනුවර දිස්ත්රික් මන්ත්රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා නම් කර තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස අනුරාධ ජයරත්න මහතා පිළිගන්නා ලෙස ඉල්ලමින් ලිඛිත දැනුම් දීම ඊයේ (2දා) රාත්රියේ කථානායක ආචාර්ය අශෝක රන්වල මහතාට යොමු කිරීමට පියවර ගෙන ඇත.
අටවන විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ ඊයේ පැවති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ඉහත තීරණයට එළඹියේය.