“මැතිවරණය ඉල්ලා 2023 ජුනි 08 වෙනිදා ජාතික ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියට යන්න තීරණය කරල තිබෙනවා. එයින් පසු හම්බන්තොට, අනුරාධපුරයේ ගම්පහ ආදි නගරවල උද්ඝෝෂණ කරනවා. ඊට පස්සේ කොළඹ වටකරල දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා” යැයි ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) අහුන්ගල්ලේදී ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ රැස්වීමකට ආවොත් දැන්වත් ඇති වෙලා නැහැ යැයි ජනතාව කියන බවත් පොහොට්ටුව යළිත් කෑලි කිහිපයකට කැඩී ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.
ජාතික ජනබලවේගයේ බළපිටිය ආසන සමුළුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
“මීට මාස දෙක, තුනකට කලින් ඡන්දයක් වෙනුවෙන් විශාල දේශපාලන උණුසුමක් තිබුණා. මාර්තු 09 ඡන්දය තිබුණානම්, මේ රටේ බහුතර ජනතාවක් තීරණය කර තිබුණා, ඒ ඡන්දය රටේ හැරවුම් ලක්ෂය බවට පත්කරන්න. එහෙම වුණා නම් ජාතික ජන බලවේගය මැතිවරණ ඉතිහාසයේ දැවැන්ත ජයග්‍රහණයක් ලබනවා.
ධනපති ආණ්ඩු තමන්ගේ අතින් බලය නිකම්ම ගිලිහෙන්න ඉඩ දෙන්නේ නැහැ. රනිල්ගෙන් මහින්දට, මහින්දගෙන් රනිල්ට, එහෙම නැත්නම් රනිල් මහින්දගෙන් සජිත්ට, එහෙම තමයි, ඔවුන් බලය හුවමාරු කරගන්න කැමති. මේ ආණ්ඩු කවදාවත් පොදුජන ව්‍යාපාරයකට බලය දෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. පරාද වෙලා ගෙදර ගිය රනිල්ට ජනාධිපතිකම ලැබෙයි කියල, මේ රටේ අම්මල තාත්තල කීයකටවත් හිතුවද?රනිල් ජනාධිපති වීමෙන් සජිත් ලග ඉන්න අයත් දැන් දෙකට තුනට බෙදිල. අනුරාධපුරේ හැරිසන් රනිල් ලගට ගියාම, හරක් හොරා කියනවා. රාජිත යන්න හදන්නේ. ගිය ගමන් හොරා කියාවි. තීරණාත්මක ඡන්දයකදි මොවුන් එක කදවුරකට එකතු වෙනවා.
ජුනි 08 වෙනිදා ජාතික ජන බලවේගය නැවත සටන් බිමට එනවා. මාස 03 ක් කල්ගත වෙලා තිබෙන ඡන්දය ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියට යන්න තීරණය කරල තිබෙනවා. ඊට පස්සේ අපි හම්බන්තොට, අනුරාධපුරයේ ගම්පහ ආදි නගරවල උද්ඝෝෂණ කරනවා. ඊට පස්සේ කොළඹ වටකරල දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් උපරිමයෙන් සටන් කරනවා. අපේ රටට වෙන්න තිබෙන සියළුම විනාශයන් මේ ධනපති පාලකයින් උරුම කරල දීල ඉවරයි.”
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල