රාජපක්ෂ පවුලේ හා මැති ඇමතිවරුන්ගේ දූෂිත ගණුදෙනු පිළිබද ලිපි ගොනු තමන් ජනතාව වෙත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මිට පෙර සදහන් කළේය.
ඔහු ඒවා ඉදිරිපත් කරන දින වකවානු ක්‍රමයෙන් පසුකරමින් යන විට සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව දැඩි අවධායනයක් යොමු කළේය.
මෙවැනි අවස්ථාවක සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා අනුර 'අයිති අයයි, ඉල්ලපු අයයි මැයි 03 දා ඇලට් එකේ ඉන්න' යනුවෙන් සඳහන් කරමින් වැකියක් ප්‍රකාශයට පත්කර තිබුණි.
අනුර මේ පවසන්නේ අදාළ ෆයිල් සම්බන්ධයෙන් විය හැකිද?