ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය හා 2019 දී රට බංකොලොත් කරනන්නට ජනවරම ඉල්ලපු ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යෙය් දැක්ම‘ යි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පැවසීය.
කවිරත්න මහත්මිය එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින්ය.
"ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් සහ ආර්ථිකයේ විවිධ කේෂ්ත්‍ර ආවරණය කරමින් ජවිපෙ මැතිවරණ ප්රකාශනය ලියලා තියෙනවා. මේක ප්‍රතිපත්ති ප්රකාශනයක් නෙවෙයි. තනිකරම, ඡන්දයට පික්පොකට් ගහන්න හදපු ඡන්ද පොරොන්දු පත්‍රයක්. එකේ නිශ්චිත පරිදි ජාතික ප්‍රතිපත්තියක් වෙත යොමුවන ප්‍ර වේශයක් හෝ ක්‍රියාමාර්ග මොනවත්ම නෑ.
රටට වැදගත්ම කේෂ්ත්‍ර තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාවය. ඒ කිසිවකට නිශ්චිත කාලරාමුවක් තුල ගොඩනැංවෙන, සංඛ්‍යාත්මක හෝ ප්‍රායෝගික ඉලක්ක සහිත නිශ්චිත උපායමාර්ගිය ප්‍රවේශයක් ඇත්තේම නෑ.
උදාහරණයක් ලෙස අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක ප්‍රමාණයක් ක්‍රමිකව වැඩි කරන බව කියනවා. අය වැය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට තේරෙනවා මෙවැනි දේකට වැඩපිළිවෙලක්, ප්‍රවේශය හෝ ඉලක්කයක් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා.
ප්‍රතිපත්ති ප්‍රකාශයන් නම් අඩුම ගානේ ජනාධිතිවරණය දිනලා අවුරුද්දකින් කරන වැඩක් තියෙන්න ඕනි. 2025 කරන එකම වැඩක් වත් දින වකවානු සහිතව මේකේ නෑ. ආදායම් උත්පාදනය කරන ක්‍රම ගැන සඳහනක් තියෙන්න ඕනි. මේක නිකං සුරංගනා කතාවක් වගේ. මේක හොඳයි රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී 2024 හොඳම ප්‍රබන්ධ කතාවට සම්මාන දෙන්න.
අපි කැමතිවුනන් නැතත් මේ රටේ ආර්ථිකය දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක ගැටගැහිලා තියෙන්නේ. ඒයට පරිබාහිරව ඉදිරිපත් කරන වැඩපිළිවෙලකට ගිහින් ආය තෙල් ටික, ගෑස් ටික නැතිවෙනවා. ජවිපෙට ආර්ථික ප්‍රතිපත්තියක් නෑ කියලා මේ ලියවිල්ල කියවපු ඕනෑම කෙනෙකුට තේරෙනවා.
මීට අවුරුදු දෙකට ඉස්සර මේ කල්ලියට දවසක පැය 5 කට රටේ බලය ලැබුණා. රටම අරාජික වුණා. මේ පාරේ ගියොත් මාස හයක් නෙවෙයි, ඡන්දය දවසට පහුවදාම රට අරාජික වෙනවා.වඳුර වැසිදාට ගස් උඩ ගෙවල් හදනවා වගේ ජවිපෙ මැතිවරණයට පොරොන්දු මල්ලක් අච්චු ගහලා ජනතාව රවට්ටන්න හැදුවත් එය ඉටු වෙන්නේ නෑ.
සජිත් ප්‍රේමදාස සහ කණ්ඩායමේ ප්‍රතිපත්ති හරි කියලා ජවිපෙට වැටහෙන්නේ මෙවර ඡන්දෙන් පැරදුනාට පස්සේ තමයි
මහජනතාවට තෝරා ගන්න තියෙන්නේ ආය සැරයක් පෝලිම් යුගයට යනවා ද? නැතිනම් කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට රට බාර දෙනවාද කියන එකයි"
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි