ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වී ඇත්තේ අනුර කුමාර දිසානායක මහතාගේ පුද්ගලික ලේකම් වීම බවත්, ඒ අනුව දැනටමත් එම පත්වීම ලබා දී ඇති බවත් සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මේ ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙනවා එයා පරදිනවා කියලා. එයාට දිනන්න බෑ කියලා. එයාට තියෙන දොලදුක තමයි අනුර කුමාර දිසානායක මහත්මයාගේ පුද්ගලික ලේකම්(Private Secretary) වෙන්න. දැනටමත් පුද්ගලික ලේකම් වෙලා. දැනටමත් අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහට පෞද්ගලික ලේකම් පත්වීමේ ලිපිය දීලා තියෙනවා. ඒ නිසා තමයි දෙන්නම එකතුවෙලා විවිධ මාධ්‍ය උපයෝගී කරගෙන මහා විශාල ආයෝජනයක් කරලා තියෙනවා සජිත් ප්‍රේමදාසව පරද්දන්න.”