බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුරදී ඊයේ (8) රාත්රී ත්රී රෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්රදේශයේම පදිංචිව සිටි රේන්ද ගේ සුදේශ් ප්රනාන්දු නමැති හතළිස් තුන් හැවිරිදි තිදරු පියෙකි.
ඝාතනය සිදුකළ සැකකාර තීරෝද රථ රියැදුරු පිහියත් සමග පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහු පදිංචි නිවසට මදක් ඈතින් වූ බෝධිරාජපුර මාර්ගයේ රැඳී සිට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටියදී සැකකාර තීරෝද රථ රියැදුරු එම ස්ථානයට පැමිණ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පිහියෙන් ඇනීමෙන් අනතුරුව නැවතත් සැකකරු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පසුපස හඹා යන අයුරු අසල නිවසක සීසීටිවී කැමරාවක සටහන් ව තිබූ බව පොලිසිය කියයි.
තුවාල ලද පුද්ගලයා ඥාතීන් විසින් කලුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය දෙකකට පමණ පසු ඔහු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි
ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකාර පුද්ගලයා ගේ බිරිද සමඟ පැවැත්වූ අනියම් සබඳතාවයක් මුල්කරගෙන
මෙම ඝාතනය සිදුවී ඇති බව සැක කරන බව පොලිසිය කියයි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වීය.