අම්පාර පොතුවිල් පොලිස් බල ප්‍රෙද්ශයේ අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර එම ඝාතනය කල පුද්ගලයාද එම හෝටලය තුලම ගෙල වැලදාගෙන මියගොස් ඇති බව අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.
ඊයේ උදැසන නවයට පමන මියගිය කාන්තාව සහ අනෙක් පුද්ගලයා මෙම හෝටලයේ කාමරයක් රුගෙන නැවති තිබේ.මෙම දෙදෙනා සවස 5.00 පමන වනතෙක් කාමරයෙන් එලියට නොපැමිනි නිසා හෝටල් හිමිකරු විසින් අරුගම්බේ සංචාරක පොලිසියට දැනුම් දිමෙන් අනතුරුව පොලිස් නිළධාරින් පැමින කාමරයේ දොර හැර බලනවිට කාන්තාව ලේ විලක්මැද වැටි සිටි ඇති අතර පිරිමි පුද්ගලයාගේ එල්ලෙමින් තිබු සිරුර දැකගැනිමට හැකිව තිබේ .
මෙම කාන්තාව මියගිය පුද්ගලයා අතර අනියම් සම්බන්ධයක් තිබි ඇති බව මුලික විමර්ශණ වලදි හෙලිව තිබේ .මියයෑමට පෙර එම පුද්ගලයා විසින් ලියන ලද ලිපියක්ද පොලිසිය හමුව තිබේ.
මියගිය කාන්තාවගේ සැමියා ගෙන් තිබෙන කරදර නිසා මෙම තිරණය ගත් බවද එම ලිපියේ සදහන්ව ඇති බවද වාර්තාවේ.මෙම ලිපිය අනුව මෙම දෙදෙනා එකගතාවයකට පැමින මෙලෙස දිවි නසා ගන්නට ඇති බව විමර්ශණ නිළධාරින් පවසති
මෙසේ මියගොස් ඇත්තේ අම්පාර හුලංනුගේ මහකලුගොල්ල ප්‍රෙද්ශයේ කාන්තාවක් සහ පොතුවිල් සින්නඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකි.
අම්පාර වසන්ත චන්ද්‍රපාල