ලංවිම විදුලි පද්ධතියෙන් අනවසර ලබාගත් විදුලිය අනවසර විදුලි වැටවලට සම්බන්ධ කිරිම හරහා මේ වසරේදි පමණක් වන අලි 50ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
මෙම නීතිවිරෝධි ක්රියා සම්බන්ධයෙන් ලංවිම දැනටමත් ක්රියාමාර්ග ගෙන අති බවත් තවදුරටත් එවැනි අනීතික ක්රියාවන් සිදු කරයි නම් ලංවිම 1987 දරණ ක්ෂණික අංකය හෝ 011 -2118767 අංකය අමතා විස්තර ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලය පවසයි.