කතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නැවත නිවසට එමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන,පෙරළී ගොස් සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා සහ අවුරුදු හතරක දැරියක් මියගොස් මව ,දියණිය සහ තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ,අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.
මෙම අඹුසැමි යුවළ දියණියන් දෙපළ සහ තවත් පුද්ගලයෙකු සමඟ 12 ශ්රී වර්ගයේ මෝටර් රථයකින් කතරගම වන්දනාවේ ගොස් (15) දා අලුයම නැවත නිවසට එමින් සිටියදී අලුයම එකයි තිහට පමණ ගැලනිගම සහ දොඩංගොඩ අතර 18.2 කිලෝ මීටර් කණුව අසලදී , වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් පියා සහ සිව් හැවිරිදි දියණිය රෝහල් ගත කිරගත කිරීමට යාමේ දී මියගොස් තිබූ අතර ,34 හැවිරිදි මව සහ 8 හැවිරිදි වැඩිමහල් දියණිය , සහ තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ.
නින්ද යාම නිසා වේගයෙන් පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි .
අනතුරෙන් මියගිය පුද්ගලයාගේ සහ දැරියගේ සිරුරු නාගොඩ මෘත ශරීරාගාරයේ දැනට තැන්පත් කර ඇති අතර , පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය .
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_103ed6cf57.jpg)
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න