දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු අංශ කිහිපයක සේවක වර්ජනය හේතුවෙන්, අධික තදබදයෙන් කොළඹ කොටුව සිට පොල්ගහවෙල දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක සිටි කාන්තාවක් ශ්වසන අපහසුතාවයට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරිණි.
53 හැවිරිදි රාජ්‍ය සේවිකාවක වන ඇය දුම්රිය මැදිරිය තුළ අධික ලෙස තෙරපීමේදී ශ්වසන අපහසුතාවයට ලක්ව රෝගී තත්ත්වයකට පත්වීම මත, දුම්රිය මැදිරියේ සිටි සෙසු මගීන් විසින් මැය ගම්පහ දුම්රිය ස්ථානයෙන් බස්සවා ගෙන 1990 සුවසැරිය ගිලන් රථයකින් රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබිණි.
රෝගී කාන්තාව රෝහල්ගත කොට ප්‍රතිකාර ලබාදී සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසුව නිවස බලා යාමට සැලැස්වූ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්රකාශිකාවක් සඳහන් කළාය.
ගම්පහ - තිලකරත්න දිසානායක