නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ වටිනා දුරකථනයත් අස්ථානගතවීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී එම දුරකථනය සොරාගත් එම අධිකරණයේ සේවය කරන නිලධාරිනිය අත්අඩංගුවට ගෙන (30) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාරිනිය මේ මස (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්රාැත් ප්‍ර බුද්ධිකා ලංකාංගනී මෙනවිය නියෝග කෙරිණ.
සැකකාර අධිකරණ නිලධාරිනිය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ අධිකරණය භාරයේ තිබු වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දී තිබු බවට පොලිසිය විසින් සිදු කල මුලික විමර්ෂණවලදි අනාවරණය වි තිබුණි.
නඩු භාණ්ඩ කාමරයේ වටිනා දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධව ඉකුත් (22) දින නුවරඑළිය පොලිසිය වෙත නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙතින් ලැබුණු පැමිණිල්ලක් අනුව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ප්‍රියදර සහ පොලිස් සැරයන් රසික (75607) යන නිලධාරීන් විසින් දුරකතන දත්ත පරීක්ෂා කර ලබාගත් තොරතුරු අනුව අස්ථානගත වූ දුරකථනය භාවිතා කළ පුද්ගලයා සොයාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ සේවය කරණ සිය පෙම්වතිය විසින් අදාළ දුරකථනය සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දී ඇති බව අනාවරණය විය.