අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්, අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අද පස්වරු 6 සිට හෙට දක්වා ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කර සිටියි.