අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස්, ගල්,සමග පස් කඳු කඩාවැටීමේ අවදානම සැලකිල්ලට ගෙන අදත් 25 රාත්රී කොළඹ බදුල්ල අතර රාත්රී දුම්රියයන් හතරක් ධාවනය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
විශේෂයෙන් කොළඹ බදුල්ල සහ බදුල්ල කොළඹ කොටුව රාත්රියේ තැපැල් දුම්රියන් දෙක සහ බදුල්ල කොළඹ සහ කොළඹ බදුල්ල රාත්රී විශේෂ දුම්රියන් දෙකද ධාවනය වීම අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
හදිසි ආපදා තත්ත්වයන්හිදී දුම්රිය මගීන්ට ඇතිවන අවදානම් තත්ත්වය සහ අතරමග දුම්රිය නතර කිරීමට සිදුවුවහොත් මගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.