අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින දෙදෙනෙකු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් 23ක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2869ක් දක්වා වර්ධනය වී තිබේ.