නැහෙනහිර හා ඌව පළාත්වලත් පොළාන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම උතුරු පළතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න්පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්ව සිටියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන් අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.