විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන තොග බලාගාරවලට නිසි ලෙස නොලැබීම නිසා අද (03දා) දිනයේදීත් පැය 07යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 2යි විනාඩි 30ක් ලෙස විදුලිය කප්පාදු කිරීම සිදු වේ.
එසේම ඊයේ දිනයේදී මේ ආකාරයටම උදෑසන කාලයේදී පැය 05ක් විදුලිය විසන්දි කිරීම නිසා එම කාලය තුළදී ව්‍යාපාරික ස්ථානවල කටයුතු සහ කර්මාන්ත ශාලා කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට තිබිණි.
පැය 05කට අධික කාලයක් අඛණ්ඩව විදුලිය කප්පාදු කිරීම නිසා අධි ශිතකරණවල සහා ශිතකරණවල තබාගෙන භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවන්ට පත් වී තිබෙන අතර, විශේෂයෙන් අයිස්ක්‍රීම් වර්ග දියවීමට ලක්වීම හා මස්, මාළු හා ඒ ආශ්රිත අනෙකුත් ද්‍රව්‍යවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇති වී තිබේ.
මීට අමතරව සැලුන් හා රූපලාවණ්‍ය කටයුතු සිදුකරන ස්ථානවල වැඩ කටයුතු හා රෙදි මැසීම, වාහන සර්විස් කරන ආයතනවල කටයුතු පවා විදුලිය විසන්දි කිරීම සිදුවන කාලයේදී නවතා දැමීමට සිදු වී ඇත.
එසේම අද දිනයේ විදුලි කප්පාදු කිරීමේ කාලසටහනට අනුව උදෑසන 08.00 සිට සවස 06.00 දක්වා කාලය තුළදී පැය 05ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදුවන අතර, සවස 06.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළදී පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදු කිරීමක් සිදුවේ.
මේ අනුව E, T, U, V, W යන කලාපවලට උදෑසන 08.00 සිට දහවල් 01.00 දක්වා පැය පහක් විදුලිය කප්පාදු කිරීම සිදුවන අතර, එම කලාපවලට සවස 06.00 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු වේ.
F, P, Q, R, S යන කලාපවලවට දහවල් 01.00 සිට සවස 06.00 දක්වා පැය පහක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදුවන අතර, එම කලාපවලට රාත්‍රී 08.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු වේ.
ඉන්දික හේවාවිතාරණ