හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 24 වැනි දින නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචන පෙත්සමක් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අද (10) ගොනු කළේය.
නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් පැවරු මෙම අභියාචන පෙත්සමේ විත්තිකාර වග උත්තරකරු ලෙස මොන්ටිගෝ සරච්චන්ද්‍ර මහතා නම් කර ඇත.