මෝටර් රථය කළුතර පාළම ආසන්නයේ දමා ආගිය අතක් නොමැතිව සොයමින් සිටී කළුතර ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා පෙරේදා (15) පස්වරුවේ නිවසට පැමිණ ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
ඔහු නිවසට පැමිණ සිටින බව වෛද්‍ය වරයාගේ බිරිඳ විසින් දුරකථන ඇමතුමක් ලබාදී තහවුරු කර ඇතැයිද පොලිසිය කීය.
කළුතර භික්ෂු නිකේතනාරාම පාරේ නිවස වෙත ගොස් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් ඔහු භාවනා කිරීම සදහා කතරගම ප්‍රදේශයට ගොස් සිටී බවට පවසා ඇති බවත් පොලිසිය පවසයි.
ඒ මහතාගේ බිරිඳ කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුකල බවත්, ඔහු නිවසේ කිසිවෙකුටත් දැනුම් නොදී මගී බස් රථයක නැගී කතරගම ප්‍රදේශයට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය සදහන් කරයි.
වෛද්‍ය වරයා නිවසින් පැමිණි මෝටර් රථය එදිනම රාත්‍රි කළුතර පාළම ආසන්නයේ දමා ගොස් තිබි හමුව ඇති බවත් නිවසේ තිබූ අමතර යතුර බිරිද විසින් රැගෙන ගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි.
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ සිදුකරන ලදී.