බිරිඳ සහ ස්වාමියා දෙදෙනාම අත්‍යාවශ්‍ය සේවාවල රාජකාරියේ නියුතු වී ඇති පවුල් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන ලෙසත්, ඒ සඳහා විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියි.
පවතින තත්ත්වය හමුවේ දින ගණනාවක් ඔවුන් නිවෙස්වලට ගොස් නොමැති බැවින්, එම නිවෙස්වල දරුවන් මෙන්ම ඔවුන්ගේ වයෝවෘද්ධ දෙමවුපියන් ද විවිධ ගැටලුවලට මුහුණ පාමින් සිටින බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයට වාර්තා වී ඇති බැවින්, මෙවැනි පිරිස් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කර ඒ සඳහා මේ මොහොතේ ලබාදිය හැකි යම් හෝ විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කරමින් අද (29) ලිපියක් යොමු කර තිබේ.
කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාටත්, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාටත් ඔවුන් මෙම ලිපිය යොමු කර ඇත.