මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුට අයත් වාහන කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ලොරි අථ 4ක්, වෑන් රථ දෙකක් හා සුඛොපභොගී මෝටර් රථයක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණ තොරතුරක් මත ගම්පය කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් වැටලීමක් සිදුකර මෙම වාහන අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතරින් ලොරි රථ 3ක්, වෑන් රථ 2ක් හා කාර් රථය දැනට අත්අඩංගුවේ පසුවන උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් අතර අනෙක් ලොරි රථය පොලිස් සැරයන්වරයෙකු ටයත් වෙයි.
මම වාහන සියල්ලම පල්ලෙවෙල පොලිස් වසමේ බාඳුරාගොඩ ප්‍ර දේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට කුලී පදනම බත ලබාදී තිබියදී මෙසේ පොලිස් භාරයට ගෙන ඇති අතර වෑන් රථ දෙක අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ ඥාතියෙකුගේ නමට ලියාපදිංචි කර තිබේ.
මෙම වාහන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.