2024 අතරමැදි වගා කන්නය මෙම යල කන්නය අවසන් වූ වහාම ඇරඹීමට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව අක්කර 63,750ක මුං ඇට වගා කිරීමට නියමිත වේ.
මෙහිදී වාරිමාර්ග යටතේ අක්කර 40,000ක්, මහවැලි යටතේ අක්කර 16,250ක් හා අන්තර් පළාත් යටතේ අක්කර 7,500ක් වශයෙන් ඉපනැල්ලේ මුං වගාව සිදු කිරීමට සැලසුම් කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුං ඇට වගාව පිළිබඳ භෝග නායක විසින් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත්තේ අවශ්‍ය මුං ඇට බීජ ස්වයං බීජ වශයෙන් ගොවීන් සතුව පවතින අතර, මුං ඇට කිලෝග්‍රෑම් 150,000ක් පමණ ගොවීන් සතුව පවතින බවයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි මෙරට වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් වන අතර, එම ප්‍රමාණය හෙක්ටෙයාර් 25,000ක වගාව තුළින් සම්පූර්ණ කර ගැනීමට හැකියාව පවතී.