පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතින ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.
අද(01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක්, පෙට්‍රල් ලීටරයක් අඩු වුණු මිලට සාපේක්ෂව සියලුම භාණ්ඩ හා සේවා වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු විය යුතුයි. ප්ලේන්ටියක් රු.10කින් අඩු විය යුතුයි. කොත්තු රොටියක් රු.20කින් අඩුවිය යුතුයි. බත් පාර්සලයේ මිලත් අඩුවිය යුතුයි. මොකද මේ සහනය දීලා තියෙන්නේ පාරිභෝගිකයාට”