වෙහෙර විහාර සඳහා මිනිසුන් පුජා කරන දේ ධාතු ගර්භ වෙහෙර විහාර වල තිබෙන්නට හෝ නොතිබෙන්නට හැකි බවත් භු විද්‍යාව සම්බන්දව වසර 40 ගනනක පලපුරුද්ද අනුව අඩි 40 ක් 50 යට ගල් හාරා නිදන් තැන්පත් කිරිමේ හෝ ගල් උණු කර දැමිමක් හෝ ගල් ඇලවීමේ තාක්ෂණයක් එදත් අදත් නැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබද සම්මාණිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මේ සම්බන්ධව රාජ්‍ය අනුග්‍රහය ලබාදිමද අවශ්‍යතාවයක් නොමැති දෙයක් බවද මහාචාර්යවරයා පැවසිය.
මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව පැවසුයේ වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ග රක්ෂිතයේ නිධන් වස්තු ඇතැයි පැවසෙන ස්ථානයේ නිධන් වස්තු ඇතිදැයි කළ විමසිමකදිය.
පුරා විද්‍යා ගවේශනයන් සඳහා භු විද්‍යාඥයිනගේ අවධානය යොමුවන්නේ පුරා විද්‍යාඥයින්ගෙන් යම් ඉල්ලිමක් ලැබුණොත් පමනක් බවත් යම්කිසි අවශ්‍යතාවයක් මත ආරධානවක් ලැබුණොත් පමණක් ඒ සදහා භු විද්‍යාඥයින් සහයෝගය ලබාදෙන බවද අතුල සේනාරත්න මහතා පැවසිය.
බොහෝ විට ස්වාභාවිකව පාෂාන ධිරාපත්විමෙන් සිදුවන සලකුණු තමන්ට අවශ්‍ය පරිදි නිරිවචනය කර එහි නිධන් ඇති බව පවසමින් එහි පසු පස ගොස් විශාල වශයෙන් මුදල්,කාලය,ශ්‍රමය නාස්ති කර ගන්නා බවත් වෙයන්ගොඩ නිධන් හැරිම එවන් දේ පසු පස හබායන අයට මෙය හොද ඇස් ඇරවීමක් බවද මහාචාර්ය වරයා පැවසිය.