කොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමග ඉතාලියේ පසුගිය පෙබරවාරි මස 24 දා සිට වසා දැමුණු පාසැල් පද්ධතිය දින 15ක් ගත වනවිට අඩාල වු අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කරමින් බෝහෝ පාසැල් විවිධ තාක්ෂණික ක්‍රමවේද අනුගමනය සිසුන්ට ඉගෙනීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙහිදි පරිගණකය හා සිසුන්ව සම්බන්ධ කර ගනිමින් සමූහ විඩියො තාක්ෂණය හා සිසුන් වෙත විවිධ විෂය කරුණු ඊමේල් හරහා සම්බන්ධ කරමින් මේ වනවිට සාර්ථකව සිදු කෙරෙමින් තිබෙන බව ඉතාලි අධ්‍යාපන බලධාරින් පෙන්වා දෙති.
විවිධ තාක්ෂණික ගැටලු ඇති පාසැල් සදහා මඟ පෙන්වමින් මේ වනවිටත් එම තාක්ෂණික ක්‍රමවේදය සමග සිසුන් හා ගුරුවරුන් සම්බන්ධ කරමින් අඩාල වු අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව වාර්තා වේ.
මේ වන විට පාසැල් කටයුතු මාසයකට අධික කාලයක් නවතා දමා තිබුණත් තිබු අභියෝග ජය ගනිමින් සිසුන්ව අධ්‍යාපනය සඳහා යොමුකර ඇති බව ඉතාලි අධ්‍යාපන බලධාරිහු වැඩිදුරටත් පවසති.
චන්දන ප්‍රනාන්දු