කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණ පුද්ගලයෙකු ඒ බව නොදැන අටලුගම නිවාස කිහිපයකටම ගමන් කිරීම හේතුවෙන් අදාළ ගමේ නිවාස 26ක පුද්ගලයන් 200ක් පමණ ස්වයං නිරෝධායන ක්රියාවලියකට ලක් කර තිබේ.
අද (2) පස්වරුවේ සිට මෙම ක්රියාවලිය ආරම්භ කර තිබේ. මේ අනුව පුද්ගලයන් 200 දෙනකු පමණ සම්පුර්ණයෙන්ම ස්වයං නිරෝධායනයකට ලක්කර සිටින අතර කිසිවකුට ගමෙන් පිටවීමට හෝ ගමට ඇතුළු වීමට හෝ අවසර නොදෙන බව ආරක්ෂක අංශ කියයි.
පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදාවා ඇඳීරිනීතිය දැඩිව ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.