ජාතික භික්ෂු පෙරමුණ විසින් පැවැත්වූ ජාතික සඟ සමුළුව පිළිබඳ අපහාසාත්මක හා සාවද්‍ය ප්‍රකාශ සිදු කළ අජිත් පී.පෙරේරා මහතාගෙන් රුපියල් මිලියන දෙසියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා නීතිඥවරයෙකු වන නිසා පිළිපැදිය යුතු ආචාරධර්ම උල්ලංඝනය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අද (03දා) පෙත්සමක් භාර දීමටත් කටයුතු කළ බවද එම සංගමයේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අවධාරණය කළහ.
ජාතික භික්ෂු පෙරමුණ විසින් පසුගිය 23වන දින මහරගම තරුණ සේවා සභාවේදී ජාතික මහ සඟ සමුළුව පැවැත්වූ බවද උන්වහන්සේ පවසා සිටියහ.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන රැස්වීමකදී මෙම සඟ සමුළුව පිළිබඳව අපහාසාත්මක හා සාවද්‍ය ප්‍රකාශ කර තිබෙන බවද උන්වහන්සේ අවධාරණය කළහ.
අදාළ වන්දි මුදල ඉල්ලූ එන්තරවාසිය නීතිඥවරුන් මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ බවද පවසා සිටියහ.
මේ පිළිබඳව විමසීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.