ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව සති හතරක කාලයක් සඳහා කොළඹ - ෂැංහායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටද චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය කටයුතු කර තිබේ.
මීට අමතරව එතිහෑඩ් ගුවන් සෙවයේ අබුඩාබි - ෂැංහායි ගුවන් යානයෙන් අගෝස්තු 3 දා චීනයට ගිය ගුවන් මගීන් 6කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී හේතුවෙන් එම ගුවන් ගමන සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා තිබේ.
මීට අමතරව මැනිලා - ෂැංහායි ගමන් කරන MU 212 චයිනා ඊස්ටන් ගුවන් යානයෙන්ද අගෝස්තු 05 දා කොවිඩ් ආසාදිතයන් 6ක් වාර්තා වීමත් සමගින් එම ගුවන් ගමන්ද තාවකාලිකව සතියක කාලයක් අත්හිටුවා තිබේ.
මෙම ගුවන් ගමන් සීමා කිරීම ලබන 17 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා චීන සිවිල් ගුවන් සේවා පරිපලනය විසින් ජුනි 4 වනදා සිට නව යාන්ත්‍රණයක් හදුන්වා දුන්නේය.
එම යන්ත්රනයට අනුව චීනයට පැමිණෙනන ගුවන් යානයක සියලුම මගීන් සති තුනක කාලයක් තුළ කොවිඩ් ආසාදිතයෙක් ලෙස වාර්තා නොවන අවස්ථාවකදි එම ගුවන් සේවයට සතියකට දින දෙකක් දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට අවසථාව තිබේ.
කෙසේ වෙතත් චීනයට පැමිණෙන ගුවන් යානයකින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහකට ළගා වන්නේ නම් එම ගුවන් සේවය සතියක කාලයකට ගුවන් ගමන් අත්හිටුවනු ලබයි.
එසේ තහවුරු වන මගීන් සංඛ්‍යාව 10ට ළඟා වන්නේ නම් ගුවන් සේවය සති 4ක කාලයක් සඳහා අත්හිටුවනු ඇත.
ෂිංහුවා ඇසුරෙනි