සුවිශේෂී අනුපිළිවෙළක් යටතේ අගෝස්තු මාසයේ සිට වාහන ආනයනය කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළ ඇතුළත්කමිටුවේ වාර්තාව අගෝස්තු 02වැනි සතිය වන විට අමාත්‍ය මණ්ඩලයට ලැබීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඊයේ(10දා) පැවති විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙලෙස වාහන ආනයනය කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කළ බව සඳහන් කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
"සෑම කෙනෙක්ම අහනවා වාහන ගේන්නේ නැද්ද කියලා. සංචාරක ක්ෂේත්රයට වාහන 1000ක් ගේන්න අපි අවසර දීලා තියෙනවා. අනෙකුත් වාහන ගෙන්වීම සඳහා අපි සුවිශේෂී කමිටුවක වාර්තාව මුදල් ඇමතිවරයාට ඉදිරිපත් කරලා, දැන් මේක කොහොමද ප්‍රායෝගිකව මේ කටයුත්ත කරන්නේ කියලා බලනවා. මේකට අදාළ පාර්ශ්ව රාශියක් සිටිනවා.
මුදල් අමාත්‍යාංශය, මහබැංකුව, ප්‍රවාහන අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වාහන එකලස් කරන්නන්ගේ සංගමය, අලුත් වාහන ආනයනකරුවන්, පාවිච්චි කළ වාහන ආනයනකරුවන් යන සියලු දෙනාටවාහන ආනයනය විවිධාකාරව බලපානවා. ඒ නිසා මේ සියලු දෙනාගෙන් අපි කමිටුවක් හැදුවා. සමස්ත රටටම ප්‍රයෝජනවත් වන ආකාරයට, අඩුම අගතිය යම් පාර්ශ්වයකට සිදුවන ආකාරයට වාහන ආනයනයට වැඩපිළිවෙළක් හදන්න කියලා.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම්දීලා තියෙනවා. අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම්කිසි අනුපිළිවෙළකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවලට භාවිත කරන විකල්ප, සාමාන්‍ය වාහන, ඊට පස්සේ ලක්ෂරි වාහන. ඒ අනුව මේ කමිටුව ජූලි මාසයේ 04වැනිදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට අගෝස්තු මාසයේ 02වැනි සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂි අනුපිළිවෙළක් අනුව මේ වාහන ආනයනය නැවත ආරම්භ කරන්න." යනුවෙන් සඳහන් කළේය.