ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ සිව්දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරන බවත්, අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සහ කැබිනට් අමාත්‍ය ධුර පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය පැවසීය.
අද(23දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කළාය.
“අද මුකුත් වෙන්නේ නෑ. පුළුවන් තරම් ඉක්මනට මේ වැඩ කටයුතු සිද්ධ කරගෙන යනවා. හිටපු අගමැති ඉල්ලා අස්වෙලා තියෙනවා. අපේ පුරප්පාඩුවත් පුරවන්න ඕනී. ඒ ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ තමයි අපේ කැබිනට් එක අපි පත් කරන්නේ. හතර දෙනෙක්ගෙන් තමයි කැබිනට් එක හැදෙන්නේ. අපි ඒ ගැන හෙට කතා කරමු. ”