ඉන්ධන ගැන අමාරුම සති තුන පැමිණ ඇති බවත් ඉන්ධන හා ගෑස් ලබාගැනීමට ඇති පෝලිම්වලින් ඒ බව පෙනෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ ගෑස් නැවක් පැමිණ ඇති බවත් එහි ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ඇති බවත් ඔහු පැවැසීය.
එම ගෑස් රෝහල්, හෝටල් හා ආදාහනාගාර සඳහා ලබාදෙන බවත් ඊට පසුව එන නැව්වලින් මාස හරක ගෑස් ලබාගැනීමට හැකි බවත් ඔහු පැවැසීය. එය ලබාගැනීමට දින 14ක් ගතවන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්ධන පිළිබඳ තත්ත්වය ගත්තත් අඛණ්ඩව ඉන්ධන ලබාදිය හැක්කේ දැනට තිබෙන ඉල්ලුමෙන් සියයට 50ක ප්‍රමාණයකට පමණක් බවද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
එහිදී විදුලි බලය නිපදවීමට, ප්‍රවාහනයට හා තවත් අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් යොදවන බවත් ඔහු පැවැසීය.
දැනට තිබෙන ඉන්ධන තොග දවස් හතකට ප්‍රමාණවත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මේ මස 16 වැනිදා ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක් රැගත් ලංකාවට පැමිණෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
තවත් පෙට්‍රල් හා ඩීසල් නැවක් ලබාගෙන ඇති බවත් ජුලි මාසයට නැව් දෙකක් ලැබෙන බවත් ඉන් අනතුරුව ඉන්දියාව සමග නව ණය ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව මාස 4කට ඉන්ධන ලබාගත හැකි බවත් ඔහු පැවැසීය.
ඩොලර් සොයාගත්තත් පසුව ලංකා බැංකුව තුළ රුපියල් නොතිබුණ බවත් ඒ අනුව මුදල් මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
“මේකයි අපිට තිබෙන ආර්ථික තත්ත්වය. අපිට අදායම් නෑ. බදු පනවලා තිබෙනවා අලුත් බදු එකතු කරනවා. අවුරුද්ද අවසන් වන විට රුපියලේ හිඟය අවසන් කර ගන්න පුළුවන් වෙයි.
ඩොලර් හිඟය විසඳන්න තමයි අයි.එම්. එෆ්. සමග සාකච්ඡා කරන්නෙ. මම එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡා කළා. 20 වැනිදා ඒ කණ්ඩායම ලංකාවට එනවා. අපි උපදේශකවරුන් ලෙස බදවා ගත් ලසාඩ් හා ක්ලිෆර්ඩ් සමාගම්වල නියෝජිතයන් අද ලංකාවට ආවා.
මේ වැඩ කටයුතු ජුනි මාසය අවසන් වන විට අවසන් කර ගන්න පුළුවන් වෙයි. මට ඊයේ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ල්කන් කථා කරලා ලංකාවට සහාය දෙනවා කියලා ප්‍රකාශ කළා. ඒ වගේම බයිඩන් ජනාධිපතිතුමා ලංකාවට සහාය ලබාදෙනවා කියලා ප්‍රකාශ කර තිබෙනවා.
ජපානය සමග ප්‍රශ්න තිබුණත් සාකච්ඡා ආරම්භ කර තිබෙන්නේ. අපේ තානාපතිතුමා ජපාන විදේශ අමාත්‍යාංශයට ගිය වෙලාවේ සබඳතා ආරම්භ ඕන කියලා ප්‍රකාශ කර තිබෙනවා. මේ කලාපය භාර ජපාන ලේකම්තුමා ලබන මාසයේදී ලංකාවට එනවා කියලා තියෙනවා.
දැන් චීනය අපිට උදව් කරන්න ලෑස්තියි කියලා ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවෙන් අපිට අවශ්‍ය ආධාර ලැබෙනවා. ඉන්දියාවෙන් අපිට තෙල් ගන්න ඩොලර් මිලියන 500ක ණයක් ලබාගන්නවා. එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, රුසියාව සමගත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා.
ලෝකය අපි දිහා බලනවා. අපිට ආධාර කරන්න ලෑස්තියි. අපි අපිට උදව් කරන්න ඕන අනිත් අය උදව් කරන්න කලින්. ගිවිසුම් අත්සන් කරලා අපි මුදල් ලබාගෙන් ආර්ථිකය ස්ථාවර කරන්න අවශ්‍යයි. එතකම් දුෂ්කර කාල තියෙනවා. මේ ප්‍රශනවලට මුහණ දෙන එක දරාගැනීම ස්තූතිවන්ත වෙනවා. සිඝ්‍ර යෙන් මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා.”