අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරඳුගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
හඳුනාගත් රෝගීන් සමඟ මොනයම් හෝ ආකාරයක සබඳතාවයක් ඇති වී තිබුණානම්, ඈතින් ළඟින් හරි කතාබහ කිරීමෙන් හරි සම්බන්ධ වුණා නම් එහෙම වුණා කියලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දෙන ලෙසද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කුරුඳුගහමඩ මහතා ඉල්ලා සිටියි.
මේ සඳහා කිසිදු බියකින් තොරව ඉදිරිපත් වන ලෙසත් මෙම ප්‍රදේශයෙන් මෙම වසංගතය තුරන් කිරිම සඳහා මෙම ඉල්ලීම කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටී.
මොහොමඩ් ආසික්