අකුණු සැර වැදීමෙන් මාතලේ සහ මුලතිව් ප්‍රදේශ වල තිදෙනෙක් ජීවිතක්ශයට පත්වී ඇති බව වාර්තාවේ.
මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 තරුණයකු හා සහ ඔහුගේ බාල සහෝදරිය අවුරුදු 12ක (8) ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් වන අතර ඔවුන් අනතුර සිදුවීමත් සමග අසල්වාසීන් එක්ව රත්තොට මහ රෝහල වෙත ඇතුළත් කරන විටත් අදාළ තරුණයා හා දැරිය මරණයට පත්වී ඇති බව රත්තොට රෝහල සඳහන් කරයි.
එමෙන්ම මුලතිව් ජයන්ගන්කුලම්හි පදිංචි වයස අවුරුදු 49 හැවිරිදි තිදරු පියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව තවත් පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයෙන් මල්ලාවි රෝහලට සදහා ඇතුලත් කර ඇත.