අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයෙන් හමුවු කොරෝනා රෝගියාගේ බිරිඳට කොරෝනා ආසාදිත වි ඇති බව අක්කරපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගුණසිංහම් සුගුනන් මහතා පැවසිය.
පළවෙනි කොරෝනා රෝගියා වාර්තා විමෙන් අනතුරුව පවුලේ අටදෙනෙක් සහ කොරෝනා රෝගියා සමග කොළඹ සිට පැමිණි වාහනයේ රියදුරු සහ රිය සහායක දම්මින්න හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට යවා තිබේ. එහිදි මෙම පිරිසගේ නියැදි පරීක්ෂා කිරිමෙන් අනතුරුව පළවෙනි කොරෝනා ආසාදිතයාගේ බිරිදට ද මෙය ආසාදනය වි ඇති බව තහවුරු කර ගැනිමෙන් අනතුරුව ඇය වැලිකන්ද කොරෝනා රෝහලට යවා තිබේ.
මෙයට අමතරව මොහු ඇසුර කරන ලද හඳුනා ගත් 51 දෙනෙකු අද දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවිමට කටයුතු යොදා තිබේ.
මෙයට අමතරව ඔවුන් පදිංචි වි සිටි ප්‍රදේශයේ පුද්ගලයින් 320 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනය කරන අතර එම ප්‍රදේශයේ පිටස්තර අයට තහනම් ප්‍රදේශයක් ලෙසට නම් කර තිබේ.
මෙයට අමතරව අක්කරපත්තුවට පැමිණිමට ඇති ප්‍රධාන මාර්ග සියල්ල මාර්ග බාධක දමා වසා දමා තිබේ. ප්‍රදේශයේ ආරක්ෂව සදහා යුද හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබේ.
අම්පාර - වසන්ත චන්ද්‍රපාල